ලක්ෂ දෙකක කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට


ගල්කිස්ස විද්‍යාල පාර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග පුද්ගලයෙක් (27) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සමඟ ගංජා කිලෝ  1 ග්‍රෑම් 256  පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



Recommended Articles