ලක්ෂ 63ක සිගරට් කටුනායකින් පන්නන් බැරි වෙයි


 රුපියල් හැට තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක්  , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , 04/24 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු 04/24 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් '' වර්ගයේ දුම්වැටි 42,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් සහ විද්‍යුත් දුම්වැටි 15 ක් සගවා ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



Recommended Articles