රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 09/09 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ, දෙමටගොඩ සහ තොටළග යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 33 සහ 35 යන වයස් වල පසුවන ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙක .
ඔවුන් 09/09 දින උදෑසන 10.55 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , වායු කාන්දු නොවන සේ අසුරා , සකස් කළ පාර්සල් 05 ක් තුළ මෙම
" කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 372 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි. මෙම කාන්තාවන් දෙදෙනා 09/09 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .


