ලක්ෂ 470කට අධික මුදල් හා හොරොයින් අත්අඩංගුවට


රුපියල් ලක්ෂ 170කට අධික වටිනාකමකින් යුත් මුදල් හා තවත් රුපියල් ලක්ෂ 300කට අධික වටිනාකමකින් යුත් හොරොයින් කිලෝ ග්‍රෑම් 3.300ක ප්‍රමාණයක් සමග සැකකරුවක් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම පෙරේදා හා ඊයේ දිනයේදී සිදුකර තිබේ. සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්ඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියගේ සැමියා ඩුබායි රාජ්‍ය යේ සිටින බවත් ඔහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබේ.

 මුදල් හා හොරොයින්වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් බව කියන ත්‍රි රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ කරයි. 



Recommended Articles