ලක්ෂ 42ක දුම්වැටි අල්ලයි


රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග 12/07 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියැදුරුවරයෙකි. ඔහු 12/07 දින අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ සහ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 12/10 දින මොහු සහ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles