ලක්ෂ 310ක උඳු නීතිවිරෝධිව ඉන්දියාවේ සිට ගෙනත්


රුපියල් තුන් කෝටි දශ ලක්ෂයක් වටිනා උදු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සගවා , රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට  ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීමේ දී 10/12 දින ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

 මෙම බහාලුම තුළ වූ සියලු ඇසුරුම් තුළ " කඩල " යැයි  සදහන් කර තිබූ අතර , එනිසා එකිනෙක භෞතිකව පරීක්ෂා කිරීම මගින් මෙම මෙට්‍රික් ටොන් 17 ක් බරැති උදු තොගය සොයා ගෙන  අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ , මරදාන ප්‍රදේශයේ ආනයනයකරුවෙකු විසින් මෙම බහාලුම මෙරටට ගෙනැවිත් තිබූ අතර , මෙම උදු තොගය කෙසේ හෝ රේගුවෙන් පිටතට ගියේ නම් එයින් රටට රුපියල් පනස් එක් ලක්ෂයක බදු ආදායමක් අහිමි වන බව රේගුව ගනන් බලා තිබේ .

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරමින් සිටිති.



Recommended Articles