ලක්ෂ 30ක රන් බිස්කට් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට


රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු 09/21 දින උදෑසන 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු ගුවන් තොටුපොළේ සියලුම පරීක්ෂණ නිමවා ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු රැගෙන ආ ගමන් මලු තුළ තිබී මෙම ග්‍රෑම් 616 ක් බරැති රන් බිස්කට් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ රන් බිස්කට් සියල්ල වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.



Recommended Articles