ලක්ෂ 250ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට


රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය  පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ (25දා) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

ප්‍රංශයෙන් සහ කැනඩාවෙන්  වත්තල සහ හෝමාගම පිහිටි ව්‍යාජ ලිපිනයන් දෙකක් වෙත මෙම මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් ඇද ඇතිරිලි සහ  චොක්ලට් අඩංගු පාර්සල් වශයෙන්  සඳහන් කරමින් ගුවන් තැපැල් ඔස්සේ කටුනායකට එවා තිබුණි.

මෙම පාර්සල්  වල සඳහන් ලිපිනයන් හි අයිතිකරුවන්  මෙම පාර්සල්  භාරගැනීමට කටුනායක කූරියර් ආයතනය වෙත  නොපැමිණීම  නිසා ඒවා විවෘත කර පරීක්ෂාකර බැලීමට රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ඒ අනුව එක්ස්ටසි නැමැති මත්ද්‍රව්‍ය පෙති 4,962 ක් සහ කුෂ් නැමැති ගංජා ග්රැම් 27 ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි .



Recommended Articles