ලක්ෂ 21කට පළමු මාත්‍රාව දී අවසන්


ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් කරණ වැඩසටහන යටතේ අද වන විට ලක්ෂ 22කට ආසන්න පිරිසකට කොරෝනා මර්දන පළමු එන්නත ලබාදී තිබේ.

අස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව 925242කට, සයිනොෆාම් පළමු මාත්‍රාව 1166707කට හා ස්පුටිනික් වී පළමු මාත්‍රාව 64986කට මේ අනුව ලබාදී තිබේ.

එසේම මෙම එන්නත්වල දෙවැනි මාත්‍රාව පිළිවෙළින් 354993ක්, 32445ක් ලෙස ලබාදී තිබේ. ස්පුටිනික් වී එන්නත්වල පළමු මාත්‍රාව මේ දක්වා ලබාදී නොමැත.



Recommended Articles