ලක්ෂ 140ක අල්ලස් ගත් එස්.එස්.පී. සතීෂ් ගමගේ රිමාන්ඩ්


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 140ට අධික අල්ලස් ලබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්  පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

 



Recommended Articles