ලක්ෂ 137ක ස්වර්ණාභරණ තොගයක් සමග ව්‍යාපාරිකාවක් අල්ලයි


රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ව්‍යාපාරික කාන්තාවක් 01/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ 10 , මරදාන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරික කාන්තාවකි .

ඇය 01/26 දින අලුයම 12.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනා.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ ග්‍රෑම් 666 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .



Recommended Articles