ලක්ෂ 120ක කුෂ් අත්අඩංගුවට


ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ ආවේක්ෂණ රාජකාරී වලචදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් තොගයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 12 ක වටිනාකමින් යුතු කුස් (kush) නැමති මත් ද්‍රව්‍ය තොගයක්අද (12 දා) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධිකාරී සුදත්ත සිල්වා මහතා පැවසීය.

එංගලන්තයේ සිට කොළඹ, ගම්පහ හා කළුතර ප්‍රදේශයන් වල ලිපිනයන් වලට ලැබී තිබු සැකකටයුතු පාර්සල් 13 ක් පරීක්ෂා කිරීමේදී ග්‍රෑම් 716 ක් වු මෙම කුස් නැමැති ගංජා මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එම ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී එවා ව්‍යාජය ලිපිනයන් බව අනාවරණය වී ඇත. අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මූලික රේගු විමර්ශනයෙන් අනතුරුව වැඩි දුර විමර්ශන සදහා  මත්ද්‍රව්‍ය ශ්‍රීලංකා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.

ජා අල ප්‍රසංග පෙරේරා



Recommended Articles