ලක්ෂ 110 රන් සමග ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට


රුපියල් එක් කෝටි දශ ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් අද (25දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි. ඇය අද අලුයම 05.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ග්‍රෑම් 650 ක් පමණ බරැති මාල, වළලු , මුදු සහ අත් පළදනා ඇතුළු මෙම ස්වර්ණාභරණ තොගය , ප්ලාස්ටර් යොදා සිය ළැම ප්‍රදේශයේ අලවා සගවා ගෙන මෙරටට පැමිණීමට මෙම ව්‍යාපාරික කාන්තාව තැත් කර  තිබේ.



Recommended Articles