ලක්ෂ 02ක කුඩු සමග 02ක් දැලේ


එප්පාවල පත්කොලවැටිය ප්‍රදේශයේ  සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.‍

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල පත්කොලවැටිය, තිම්මාගම,  ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි  සහ 31 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

එප්පාවල  පොලිසියට අනුයුක්තව රාජකාරි සිදු කරන විශේෂ කාර්යාංශයේ නිලධාරින් හට ලද තොරතුරකට අනුව සිදු කල මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු  සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5100 ප්‍රමාණයක් සහ අනෙක් සැකකරු සතුව හෙරොයින් මත් කුඩු  මිලි ගෑම් 5200 ක ප්‍රමාණයක් තිබීී හමුවූ  බවද පොලිසිය කියයි.

එප්පාවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක ජයවීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.



Recommended Articles