ලංගමෙන් කාර්යාල බස් රථ සේවාවක්


රාජකාරී සඳහා පිටත්ව යන අය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇත.

රටේ සියලුම ප්‍රදේශ වලින් කොළඹ දක්වා රැකියා සඳහා ගමනාගමනයේ යෙදෙන අය වෙත එම සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.

රත්නපුර / කෑගල්ල / හලාවත / හම්බන්තොට / තංගල්ල / මාතර / ගාල්ල / අම්බලංගොඩ / අලුත්ගම / කළුතර යන සියලුම ප්‍රදේශ වලින් මෙම සේවාව ක්‍රියාත්මක වේ..

එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචිවූ පසු ශ්‍රී ලංගම බස් රථ මගින් කොළඹ සහ තදාසන්න නගරයන්න්හී රැකියා ස්ථානය බලා පැමිණිය හැක.

එම සේවාව සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය බස් රථ මගින්ද අධිවේගී මාර්ගයේ හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේද ලබාගත හැක.



Recommended Articles