ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්


කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන "ඇඹිලිපිටියේ සුරංග" නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය  නිෂ්පාදනය කල බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී සැක උපකරණ , රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි .

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කරුවන් සමග සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත සිදුකල විමර්ශන වලදී   තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස් දෙකක් අඩංගු කෑන් 13 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.

එමෙන්ම එම අවන්හලේ නවතා තිබූ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් ,මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තාා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් එකක්  බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම මෝටර් රථය වසර දෙකකට පමණ පෙර පොලිස් නිලධාරියකු විසින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථය වන බවද පොලිසිය පවසයි.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් කිහිප දෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවත්,එම ඉරාන ජාතිකයින් මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .

මෙම ජාවාරමට සම්බන්ධ වූ අනෙක් සැකකරුවන් සොයා  විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කීය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

කළුතර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිණි සහ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් කිරිඇල්ල යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වරුන්වන උපුල් කුමාර, කේ එම් ඩී මධුෂාන් , සැරයන් වරුන්වන සමන්තිලක (41104)  ප්‍රසන්න (69479) ,තුෂාර (79335),පොකොරි සංකල්ප (87779) යන නිළධාරින් වැටලීමට එක්වූහ .

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles