ලංකාවේ සිනමා පටයක රඟපෑමට දකුණු ඉන්දීය නිළියක් එයි


ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත  " කේජ් බර්ඩ් " ( Cadge Bird ) නැමති චිත්‍රපටය සදහා එහි ප්‍රධාන චරිතය රගපෑමට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් 06/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

 මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන්නෙකි .

සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් 06/17 දින උදෑසන 11.04 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජාත්‍යන්තර සිනමාකරණ හා ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ කටුනායක ගුවන් තොටුපොළ 
" සිල්ක් රූට් " පර්යන්තය වෙත පැමිණ සිටියහ . 

 



Recommended Articles