ලංකාවේ සංචාරයට ආපු බ්‍රිතාන්‍ය හා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මරුට


මෙරට සංචාරයකට පැමිණ සිටි බ්‍රිතාන්‍ය මෙන්ම ඉන්දියන් ජාතිකයෙකු  හිටි හැටියේ ඊයේ (30) මිය ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  බ්‍රිතාන්‍ය ජාතික ඩෙරික් චාල්ස් (66) හා  ඉන්දියන් ජාතික අබින් ජෝසප් (31) යන අයවලුන්ය.

බ්‍රිතාන්‍ය ජාතිකයා ඔහු නැවතී සිටි කොළඹ 3 එඩ්වඩ් පටු මගේ පිහිටි හෝටලයේ නැවතී සිටි කාමරයේ ඇඳ මත මියගොස් සිටියදීත්  ඉන්දියන් ජාතිකයා කොළඹ 3  මුහුදු මාවතේ සි 20 මහල් නිවාස සංකීර්ණයේ රැඳී සිටි මහල් නිවසේ නාන කාමරය තුළ මියගොස් සිටියදී මෘත දේහය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු  පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඥාතීන් පැමිණ හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ



Recommended Articles