ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත්වල මංගල කලාප ප්‍රදර්ශණයක්


ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත් වල සහ චිත්‍ර කථා පොත්වල මුල් පිටපත් ප්‍රදර්ශණයක් (21) දින තලවකැලේ සුමන මහාවිද්‍යාලයේ දි ආරම්භ කෙරිණ.

කොටගල සහ තලවකැලේ යන තැපැල් කාර්යාලවල තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන ආර්.පී.ජයන්ත (තලවකැලේ ජයන්ත) මහතා විසින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබූ අතර,  එම ප්‍රදර්ශණය (21-22)  දින නොමිලේ පැවැත්වීමටයි කටයුතු කර තිබෙන්නේ.

එම පුවත්පත් ප්‍රදර්ශණය ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවිරආරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.

තලවකැලේ ජයන්ත මහතා වසර ගණනාවක් ජාතික පුවත්පතක තලවකැලේ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන්ද කටයුතු කර ඇත.

මෙම ප්‍රදර්ශණයට 1920 වසරේ සිට 2025 වසර දක්වා මෙරට තුල පළ කරන ලද ජාතික පුවත්පත්, චිත්‍ර කථා පොත් 2000ක් පමණ සහ වර්ථමානයේ ත්‍රීඩි (3D) තාක්ෂණයෙන් කියවිය හැකි පුවත්පත් කිහිපයක්ද මෙම ප්‍රදර්ශනයට අතුලත් කර තිබුණි. 

ප්‍රදර්ශණයට එක් කර තිබු ජාතික පුවත්පත් සහ චිත්‍ර කථා පොත් ඇතැම් ඒවා සත 75 සිට රු.10 දක්වා මිල ගණන් යටතේ මිලදී ගත් ඒවා බවයි ජයන්ත මහතා කියා සිටියේ.

 



Recommended Articles