ලංකාවේ දුප්පත්කම නැති කරන්න චීනයේ ක්‍රම භාවිත කරනවා


චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාව පරිදි , එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් 29 දෙනෙකු සිය දින 10 ක  සංචාරය නිමා කර 06/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම සංචාරය චීන රජයේ අනුග්‍රහය මත සිදු වූ බවත් , තමන් එරට ප්‍රාන්ත කීපයකම සංචාරයේ නිරත වෙමින් ,
එරට ප්‍රධානීන් කීපදෙනෙකු ද මුණ ගැසුණු බවත් , ඔවුන් මෙරට සංවර්ධනය සදහා අඛණ්ඩව දායකත්වයක් ලබා දීමට පොරොන්දු වූ බවත් ටිල්වින් සිල්වා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසිය .

මෙම සංචාරය තුළදී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කර ඇති ආකාරය , ඒවායේ දුප්පත්කම තුරන් කර ඇති ආකාරය සහ ඒ සදහා තාක්ෂණය යොදා ගෙන ඇති ආකාරය තමන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් පෙන්වා දුන් බව ද ටිල්වින් සිල්වා මහතා සදහන් කළේය .

ඒ අනුව මෙරට දුප්පත්කම දුරලා ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම සදහා තාක්ෂණය භාවිතා කිරීමට තමන් ඉදිරියේ දී අවශ්‍ය සැළසුම් සකස් කර පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .

මෙම පිරිස 06/19 දින රාත්‍රී 06.20 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



Recommended Articles