ලංකාවේ තැබෑරුම්වල භාගයක්ම තිබෙන්නේ කලවම් මත්වතුරයි


ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.  නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාට පාර්ලිමේන්තුවේදී පැනයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

"අපේ ගෙදර හතරමායිමේ අරක්කු මූඩියක්වත් නෑ. මත්වතුර ප්‍රමිතිය ගැන මම කතාකරන්න යන්නේ නෑ. බොන එකා කුණු වෙන්නම බොනවනම් මම කැමැතියි." යැයි ඔහු සඳහන් කළේය. 



Recommended Articles