ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයේ ආයෝජනයට මැලේසියාවේ ආයෝජකයෝ දෙදෙනෙක් එති


ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති ආයෝජන අවස්ථා පිළිබද ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සදහා මැලේසියානු ජාතික ආයෝජකයින් දෙදෙනෙකු 01/16 දින සවස කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි නිෂ්පාදන සහ ඒවා විදෙස් රටවල් වෙත අපනයනය කරන සිලෝන් ග්‍රීන් ලයින් ප්ලාන්ටේෂන් සමාගමේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරති .

මෙම ශ්‍රී ලංකා සමාගම මිරිස් , ඇපල් පේර සහ සළාද පිපිඤ්ඤා සියඹලාණ්ඩුව , තංගල්ල , පොල්පිතිගම සහ ආඩිගම යන ප්‍රදේශ වල පිහිටි හරිතාගාර තුළ වගා කර විදෙස් රටවල් කරා අපනයනය සිදු කරති .

මෙම සමාගම ඔවුන්ගේ 3,200 ක් වන සේවක මණ්ඩලය ඇගැයීම සදහා 01/17 දින සිලෝන් ගෝල්ඩන් ග්‍රීන් එවෝඩ්ස් - 2025 නමින් සම්මාන උළෙලක් ද සංවිධානය කර ඇති අතර එය කොළඹ රත්නදීප හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති අතර මෙම මැලේසියානු ජාතිකයන් එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය .

මොවුන් දෙදෙනා 01/16 දින සවස 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles