ලංකාවෙන් ගිය චීන සමාගම මාලදිවයිනේ ව්‍යාපෘති අරඹයි


දෙමුහුන් විදුලි උත්පාදන ව්‍යාපෘති තුනක් උතුරේ දූපත්හි ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ චීන සමාගම එම ව්‍යාපෘති තුන අත්හැර තිබේ. තෙවැනි පාර්ශ්වයක් මතුකළ ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් එම සමාගම මෙම ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අත්හිටවු සිනෝ සෝලා හයිබ්‍රිඩ් තාක්ෂණික සමාගම ඒ ආකාරයේ ව්‍යාපෘති කිහිපයක් මාලදිවයිනේ ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ. මෙහිදී සිනෝ සමාගම මාලදිවයිනේ දූපත් 12ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.



Recommended Articles