ලංකාවට මර්බන් බොරතෙල් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුවක් නයිජීරියා සමාගමකට


ශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ගෙන්වීමේ දිගුකාලීන තොන්ත්‍රාත්තුවක් M/s Conscio නයිජීරියා සමාගම විසින් හිමිකරගෙන තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් කළ ලංසු කැඳවීමෙන් පසුව එම සමාගම මෙම කොන්ත්‍රාත්තුව හිමිකරගෙන තිබේ.

එසේම අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පැවැරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles