ලංකාවට පැමිණි සංචාරකයන් ගණන 650000 ඉක්මවයි


2022 වර්ෂයේ දෙසැම්බර් 11 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එසේම මේ මස මුල් දින 11 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි ඇති සංචාරකයන් සංඛ්‍යාව 25 024ක් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 653 041ක් වෙයි.

දෙසැම්බර් මාසයේදී මේ දක්වා ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5200කි. ඉන් අනතුරුව ඉන්දියානු සංචාරකයින් 4423ක් පැමිණ තිබේ.

 



Recommended Articles