රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු 10/26 දින පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 32 හැවිරිදි ඉන්දීය ජාතික කරණවෑමියෙකි .
මොහු 10/26 දින පස්වරු 04.15 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 832 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
පළමු වතාවට මෙරටට පැමිණ ඇති මෙම ඉන්දීය ජාතිකයා මෙම මත්ද්‍රව්‍ය තොගය කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක දී මෙරට මත්ද්‍රව්‍ය නියෝජිතයන් වෙත භාර දීමට සැළසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
ඔවුන් මේ ගුවන් මගියා 10/27 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය .

