ලංකා සතොස භාණ්ඩ පහක මිල පහළට


අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියව ගෙන තිබේ. මෙම මිල අඩුකිරීම අද (19දා) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

මේ අනුව දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 650කි.

මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1100කි.

හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1090කි.

කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 540කි.

ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 545කි.



Recommended Articles