රෝහල් සේවකයින් ඉන්ධන ඉල්ලා පාර වහයි


පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ඉන්ධන ලබා ගැනිමට පෝලීම් වල රැඳී සිටියත් ඉන්ධන නොලැබු නිසා  අද( 24දා) දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දැමිම සිදුවිනි.

රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබා දීමට සිකුරාදා දිනය නම් කර තිබිම හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සිරම්බිඅඩිය ඉන්ධන හලට ගොස් තිබුනද දහවල් වන විටත් පෙට්‍රල් ලබා දීමක් සිදුව නොතිබු බව කියයි.

ඒ සම්බන්ධයෙන් ඉන්ධන හලින් කල විමසිමේදි පවසා ඇත්තේ තමන් මේ වන විට අදාල කටයුතු කර ඇතත් පෙට්‍රල් ලබා දීමක් සිදුව නැති බවයි.

කෙසේ නමුත් පෙට්‍රල් ලබා ගැනිමට සිරම්බිඅඩිය ඉන්ධන හලට ගොස් සිටි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල පිරිසක් එම ස්ථානයෙ ඉන්ධන පැමිණෙන තුරු බලා සිටිම දැක ගත හැකි විය.

පසුව දහවල් වන තුරුත් පෙට්‍රල් ලබා නොදිමට විරෝධය දක්වා රෝහලේ රැදි සිටි හෙද හෙදියන් හා සෙසු වෛද්‍ය කාර්ය මණ්ඩල තාවකාලිකව රෝහල් කටයුතු වලින් ඉවත් විම සිදුව තිබුනේ තමන්ට පිළිතුරක් නොලැබිම නිසාවෙනි.

නමුත් පසුව මේ සදහා පිළිතුරක් නොමැතිවිම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දැමිම සිදුවිය.

මොවුන් මාර්ගය වසා දැමිම හේතුවෙන් පොලිසිය මාර්ගයේ ගමන් ගත් පිරිස් විකල්ප මාර්ග වලින් යැවිමට කටයුතු කර තිබුණි.



Recommended Articles