රෝහල් අත් බෝම්බය ඇමති නිල නිවසකින් ගත් බවට හෙළි වෙයි


නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළි කර ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට පෙර එහි ගිය අවස්ථාවේ නිවසේ ලාච්චුවක තිබී එම අත්බෝම්බය සහ උණ්ඩ ඔවුන් ලබාගත් බව​ටයි.

මේ වන විට එම නිවසේ කිසිවෙක් පදිංචි වී නොමැති බවත් එම අත්බෝම්බය සහ උණ්ඩ එම නිවසට පැමිණි ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අත්බෝම්බය හමුවූ බව පැවසෙන අමාත්‍ය නිල නිවස වෙත රැගෙන ගොස් ඇත.



Recommended Articles