රුසියාවේ සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි සේපාල රත්නායක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් රුසියාවට ගොස් අත්අඩංගුවට ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
44 හැවිරිදි වියේ පසුවන රොටුඹ අමිල මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අංගොඩ ලොක්කා සහ මාකදුරේ මදූෂ් සමග සමීප සබදතා පවත්වා ඇති අතර 2024.07.08 දින සිදු කළ ක්ලබ් වසන්ත ඝාතනයට ද සම්බන්ධ අයෙකි. එසේම 2016.04.29 දින මුල්ලේරියාව ප්‍රදේශයේ දී ද මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ .
2019.03.28 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාකදුරේ මදූෂ් ගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබූ අතර ඉන්පසුව 2023.05.03 දින ඇප මත නිදහස් වී සිටියදී මොහු රුසියාව බලා පළා ගොස් තිබේ .
මෙම පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණය මගින් මොහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යාන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ අයෙකි .
මෙසේ අත් අඩංගුවට ගෙන රැගෙන ආ රොටුඹ අමිල 11/20 දින උදෑසන 09.58 ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබූණි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ඒමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි රැකවල් මධ්‍යයයේ රැගෙන යාමට නියමිතය.


