රේණුක පෙරේරාට ඇප


නීතිවිරෝධී ලෙස බස්රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබාදීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු , රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති වැඩිදුරටත් සඳහන් වෙයි. ( I J )



Recommended Articles