රේගුව මසක් ඇතුළත ලැබූ ඉතිහාසයේ ඉහළම ආදායම ඔක්තෝබරයේ ලබයි


ශ්‍රීලංකා රේගු ඉතිහාසයේ වැඩිම රේගු ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ දී ලබාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සීවලී අරුක්ගොඩ මහතා සදහන් කළේ ය.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී රේගුව ලැබූ ආදායම රුපියල් බිලියන 109 කී. රේගුව බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම මෙලෙස රේගු බදු ආදායම ඉහළ යාමට හේතු වූ බව ද මෙම වසරේ අපේක්ෂා කරන රේගු ආදායම රුපියල් බිලියන 925 ක් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මේ වසරේ මෙතෙක් ලැබූ රේගු ආදායම රුපියල් බිලියන 760කී.

ඉන්දික හේවාවිතාරණ/ප්‍රසංග පෙරේරා



Recommended Articles