2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම රු මිලියන 1,060,559 ක් බවත් ඒ වන විට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවත් රේගු නිලධාරීන් පවසයි.
පර්ලිමේන්තුවේ ක්රම හා විධි කාරක සභාවට එක්වෙමින් ඔවුන් පැහැදිලි කළේ ප්රතිශතාත්මකව එම අගය 130 % ක ප්රගතියක් බවයි.
මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත් 2025 වසර සමග සංසන්දනාත්මකව බලන විට සෑම මසකම ඉහළ ප්රගතියක් ලබා ඇති බවටත් අදාළ දත්ත නිලධාරීහු මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කළහ

