රෙජිනෝල්ඩ් කුරේ අවසන් ගමන් යයි


රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු ඊයේ  (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදුකරන ලදී .

බෝම්ඹුවල පාලයන්ගොඩ නිවසේ සිට දේහය අවමංල්‍ය පෙරහැරකින්  බෝම්ඹුවල ක්‍රීඩා පිටියට රැගෙනවිත් බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු බෝම්ඹුවල පොදුසුසාන භූමියේ දී භූමදානය කරන ලදී .

ඊයේ පස්වරුවේ ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිවසට පැමිණ සිටී අතර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාම දයාසිරි ජයසේකර , රාජ්‍ය අමාත්‍ය  පියල් නිශාන්ත , පාම වරුන්වන සංජිව එදිරිමාන්න සහ අනුප පැස්කුවල් ඇතුළු දේශපාලන නියෝජිතයන් , සම්භාවනීය අමුත්තන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

 

පානදුර සුමිත් පොතුපිටිය ,අලුත්ගම තුසිත කුමාර ද සිල්වා සහ වාද්දුව දයා හේමන්ත 



Recommended Articles