රුහුණු සරසවියේ සිසුන් අතර ගැටුමක්, 6ට තුවාල, 21ක් අත්අඩංගුවට


රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් පසු සිසුන් 06 දෙනෙකු තුවාල ලබා 21 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනීමත් සමග එම පීඨයේ දෙවන හා තෙවැනි වසර වල සිසුන්ට විශ්ව විද්‍යාලය තාවකාලිකව තහනම් කලාපයක් බවට පත් කල බව එහි පාලන අධිකාරිය පවසයි.

ඒ අනුව අදාල දෙවැනි හා තෙවැනි වසරේ සිසු සිසුවියන්ට විශ්ව විද්‍යාල නේවාසිකාගාර වලින්ද ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබේ.

ක්‍රීඩා තරගයක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබෙන බව කියති. එහිදී තුවාල ලැබු සිසුන් හය දෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුලත් කර සිටී.

පහරදීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් සීසුන් 21 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කඹුරුපිටිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති

ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ වැලිගම තරංග ගුණරත්න



Recommended Articles