රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් තවත් ගුවන් යානයක් පැමිණෙයි


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25දා) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කළහ.   

පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේදැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළහ.

ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ වල නංවා ගෙන , එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි . මීට පෙර 5/22 දින රාත්‍රී 10.54 ට ද මෙවැනිම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින්  රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.



Recommended Articles