රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර  සිට අද (10දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

 මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් වෙයි.

 කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව, පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.



Recommended Articles