රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති රාජකාරි භාර ගනී


ආර්මේනියාව, බෙලාරුස්, මෝල්ඩෝවා සහ උස්බෙකිස්තානය සඳහා ප්‍රතීතනය සහිතව රුසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා රාජකාරී භාරගත්තේය.

2020 මැයි 21 වන දින තානාපති ධුරය භාර ගැනීම වෙනුවෙන් මොස්කව් නුවරට ඔහු පැමිණියද, COVID-19 හේතුවෙන් සති 2 ක් අනිවාර්ය නිරෝධායනයකට භාජනය කිරීමෙන් පසු ඔහු නිල වශයෙන් පෙරේදා (05දා) රාජකාරි භාර ගත්තේය.



Recommended Articles