රුසියානු හමුදා මරණ ගැන ඇමෙරිකානු බුද්ධි අංශ තක්සේරුව


රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඔවුන්ට අත්විදීමට සිදුවූ පාඩුව සිරියාවේ, චෙච්නියාවේ හා ඇෆ්ගනිස්ථාන යුද්ධ වලදී රුසියාව ලැබූ හානිවලට වඩා වැඩි බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.

රුසියානු භාෂාවෙන් රුසියානුවන් අමතමින් සෙලෙන්ස්කි පැවැසුවේ  "රුසියානු හමුදා යුක්රේනයේ පාඩු අත්විදිමින් සිටිනවා. එය සිරියාවේ හෝ චෙච්නියාවේදී අත්විදි පාඩුවට වැඩියි. ඔවුන් ඇෆ්ගනිස්ථානයේදී එවැනි හානියක් ලබා නොමැත." යනුවෙනි. 

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියානු සෙබළුන් 7,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ ගණන් බලා ඇත.

විවිධ ඇස්තමේන්තු වලට අනුව, ඇෆ්ගන් යුද්ධයේදී (1979-89) සෝවියට් භටයන් 15,000 ක් පමණ මිය ගිය අතර, චෙච්නියානු යුද්ධයේදී අවම වශයෙන් රුසියානු හමුදාවේ 13,000 ක් පමණ මියගොස් ඇත. නමුත් සිරියානු යුද්ධයේදී සිය ගණනක් මියගොස් තිබේ.



Recommended Articles