රුසියානු ස්පුට්නික් -V එන්නත් තොගයක් කටුනායකට


රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් 05/27 දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම එන්නත් තොගය 05/27 දින රාත්‍රී 10.50 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

ඉන්පසුව මෙම එන්නත් තොගය විශේෂ අධි ශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ඔවුන්ගේ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල

 



Recommended Articles