රුසියානු ගුවන් යානයට ලංකාවෙන් යන්න අවසර


රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයකට කටුනායකින් පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට එම අධිකරණය තීරණය කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මෙම අධිකරණ නියෝගය වහාම ක්‍රියාත්මක වෙයි. 

 



Recommended Articles