රුසියානු කාන්තාවන් ගොඩදැමූ ලාංකික තරුණයෝ


  හික්කඩුව පන්නම්ගොඩ මුහුදු තීරයෙන් දිය නෑමට ගොස් සිටියදී හදිසියේ ආ දියවැලකට හසුව  මුහුදේ දියඹටම  ගසා ගෙන යමින් ජීවිතයත් මරණයත් අතර සිටි රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනකු  සිය දිවි පරදුවට තබා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් නිරූපදරිතව අද (6) බේරාගෙන තිබේ.

                 මේ  විදෙස් කාන්තාවන් දෙදෙනා තමන් දිය නාමින් සිටි වෙරළේ සිට දිය වැලට හසුව දියඹ මුහුදේ මීටර 250ක පමණ දුරක් ගසාගෙන යමින් සිටියදී පොලිස් හා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මේ කාන්තාවන් දෙදෙනා බේරාගෙන තිබිනි.

                  දිය වැළට හසුව දියඹ මුහුදට ගසාගෙන ගිය ආකාරයට යලි  තමන්ට ජීවත්වීමට ලැබෙන්නේ නැතැයි සිතූ බවත් තමන්ගේ ජීවිත බේරාගත් පොලිස් හා වෙරලාරක්ෂක නිලධාරීන්ට සිය ජීවිතයම ණය බව සතුටු සිනා වගුරුවමින් මේ විදෙස් කාන්තාවන් දෙදෙනා කීහ.

 

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



Recommended Articles