යුක්රේන-පෝලන්ත දේශසීමාව අසල දුම්රිය ස්ථානයක් අසළ දුම්රියකට රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ ඉහළ යුරෝපීය ආරක්ෂක නිලධාරීන් එම මාර්ගය හරහා ගමන්
කර මද වේලාවකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
යාහෝඩින් හි ඇති වූ ප්‍රහාරයෙන් ඩ්‍රෝනය දුම්රිය එන්ජිමේ ගැටී තිබුණත් කිසිදු හානියක් වාර්තා වී නොමැත. සියලුම මගීන්
ඉවත් කර ඇති බව යුක්රේන බලධාරීන් පැවසීය.
ජොන්සන් සහ එක්සත් රාජධානියේ ජොනතන් පවෙල් ඇතුළු අනෙකුත් යුරෝපීය ජාතික ආරක්ෂක උපදේශකයින්
කියෙව්හි පැවති සමුළුවකට සහභාගී වී ආපසු යමින් සිටියදී වෙනත් දුම්රියකින් එකම මාර්ගය ඔස්සේ ගමන් කර ඇත.
රුසියාව බටහිර යුක්රේනයේ "දුම්රිය යටිතල පහසුකම්" වලට පහර දුන් බව පැවසූ නමුත් යුක්රේනයේ රාජ්‍ය දුම්රිය
සමාගමක් වන යුක්රාලිස්නිට්සියා පැවසුවේ "බොහෝ විට මෙම ඩ්‍රෝන යානයේ ඉලක්කය රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය විය හැකි"
බවයි.
නිවේදනයක් නිකුත් කරමින්, ඒම සමාගම පැවසුවේ දුම්රිය "කාලසටහන් වෙනස් වීම නිසා... රුසියානු ප්‍රහාරවල නිරන්තර
තර්ජන හේතුවෙන්" අපේක්ෂා කළ කාලයට වඩා කලින් දුම්රියෙන් පිටව ගොස් ඇති බවයි.
ඩ්‍රෝන ප්‍රහාරය සිදුවන අවස්ථාවේ හිටපු CIA ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් යාහෝඩින් දුම්රිය ස්ථානයේ තවත් දුම්රියක සිටි බව
දුම්රිය අධිකාරිය ද පැවසීය.
යුක්රේන සහ පෝලන්ත බලධාරීන් පැවසුවේ රුසියානු ඩ්‍රෝන යානය පෝලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර 2 ක් අතර දුරකින් ප්‍රහාරය
ඒල්ල වී ඇති බවයි.


