රුසියා ගුවන් යානය පස්වරු 6ට පෙර ලංකාවෙන් පිටත්වෙයි


කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවකට අදාලව ඉකුත් 06/02 දින කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කර තිබූ එරොෆ්ලොට් ගුවන් යානය , එම අධිකරණයේ 06/06 දින කැදවූ මෝසමක් මගින් යළිත් විභාග කර මෙම ගුවන් යානය වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනම අවලංගු කර තිබේ.

ඒ අනුව කොළඹ වානිජ මහාධිකරණය , සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත නිකුත් කර ඇති නියෝගය පරිදි 06/06 දින සවස 06.00 ට පෙර මෙම ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ සේවා ප්‍රධානී , ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතා අවශ්‍ය පියවර ගෙන තිබේ .



Recommended Articles