රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු ඉදිකිරීම් කටයුතු අද ඇරඹේ


මෙරට ඉදිකෙරෙන 07වන අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) දිනයේ ආරම්භ කිරීමට නියමිතය.

රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩ කටයුතු එලෙස ආරම්භ කෙරෙනු ඇත.

ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර  73.9ක් වන අතර පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3ක දුර ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතය.

 



Recommended Articles