රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් ඇරඹීම මේ වසර අවසානයට පෙර


කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා වන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසර අවසානයට පෙර ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළේය. කිලෝමීටර් 76ක දුරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම පසුගිය ආණ්ඩුව මගින් විදේශීය මූල්‍යනය මගින් විදේශීය සමාගම් හරහා සිදුකිරීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් එම පිරිවැයට වඩා අඩු පිරිවැයක් යටතේ දේශීය බැංකු හරහා දේශීය ඉංජිනේරුවන් හරහා මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.

මෙම මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන කොටසේ වැඩ මුලින්ම ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමට නියමිතය.

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසද කඩිනමින් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. 



Recommended Articles