රුමේනියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 36ට නව රැකියා


මැයි 24 වන දින රුමේනියාවේ බුකාරෙස්ට් ගුවන්තොටුපලේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් 36 දෙනාට නව රැකියා අවස්ථා හිමිව තිබේ.

රුමේනියානු කම්කරු අමාත්‍ය වයලෙටා ඇලෙක්සැන්ඩ්‍ර මහතාගේ මැදිහත්වීම මත ඔවුන්ට මෙසේ නව රැකියා අවස්ථා හිමිව තිබේ.

කොවිඩ් 19 ආසාදනය වූ ලාංකිකයන් කිහිප දෙනෙනක් රුමේනියාවේ හමුවීමත් සමග මෙම පිරිසට රැකියා අවස්ථා අහිමිවිය.

රුමේනියාවට සමගාමීව ප්‍රතීතනය ලත් වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන්ට රුමේනියානු කම්කරු අමාත්‍යාංශයේ සහ අනෙකුත් සංවිධානවල පහසුකම් ඇතිව කම්කරුවන්ට සුදුසු නවාතැන් පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමට කටයුතු කළේය.

ඒ අනුව රුමේනියාවේ ශ්‍රමිකයන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට රුමේනියාවේ දිගටම රැකියා ලබා ගැනීම සඳහා විකල්ප සේවා යෝජකයෙකු ලබා දී ඇති බව රුමේනියානු රජය අද (මැයි 27) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

මෙම කාරණය සාමකාමීව විසඳා ගැනීමට රුමේනියානු රජය ගත් උත්සාහය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අගය කළේය.



Recommended Articles