රුපියල් මිලියන 13ක් වටිනා මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට


අත්හැර දමාගොස් තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම මත්පෙති තොග​ය ​මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂණය අතරතුර ග්‍රෑම් 1485 ක් බරැති මෙතම්ෆෙටමින් (එක්ස්ටසි) ටැබ්ලට් 3885 ක් සොයා ගන්නා ලදී.

සැක සහිත ටැබ්ලට් වල වෙළඳපල වටිනාකම රු. 13,597,500 / - කි.

 බෙල්ජියමේ සිට කොළඹ , මරදාන ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය එවා තිබුණි .

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව පරීක්ෂණ පවත්වයි.



Recommended Articles