රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අගමැතිට පිළිගන්වයි


මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද දින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වූයේය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්  අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්‍රමාත්‍ය නිල නිවසේදීය.

එහිදී අග්‍රමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.



Recommended Articles