රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් ගෝනපොල දි අත්අඩංගුවට


රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ  57 හැවිරිදි කාන්තාවක් හොරණ ගෝනපොල තලගල ප්‍රදේශයේදී  ( 12 )රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 268 ක්  පොලිසියේ භාරයට ගෙන ඇත

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මෙම නිවස තුළ අයිස් මත්ද්‍රව්‍ය රහසිගතව තබා ගෙන ජාවාරම සිදුකර සිදු කර ඇති බව පොලිස් විමර්ශන විදිය හේතු වූ බව හේතුවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

අත්අඩංගුවට සැකකාරිය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කිරුලපන  රජගල් ගොඩගේ සුගත් කුමාර නොහොත්  අසිත නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට දීර්ඝකාලීන  සම්බන්ධ තැනැත්තියක් බව පොලීසිය කියයි.



Recommended Articles